සෑම
නිවසකටම ව්‍යාපාරික ස්ථානයකටම ලිපිනයක් ඇති සේම අන්තර්ජාලයට සම්භන්ධ වූ
සෑම උපකරණයකටම නිශ්චිත වූ IP
ලිපිනයක් ඇත. අන්තර්ජාලයට සම්භන්ධ වූ
සියලුම උපාංග පනිවිඩ හුවමාරු කරන්නේ එම ලිපිනයන් භාවිතයෙනි. නමුත් එකී
ලිපිනයන් තනිකරම අංක හා අකුරු මත පදනම් වී ඇති නිසා
සාමන්‍ය මිනිසුන් වන අපට එකී අංකයන්
සියල්ලක්ම මතක තබා ගැනීම අසීරුය.
උදාහරණයක් ලෙස අප නිතරම අන්තර්ජාලය සෙවුම් සදහා භාවිතා කරන Google වෙබ්
අඩවියේ සෑබෑ ලිපිනය 74.125.24.101 වැන්නක් විය හැකිය. නමුත් ඒ
අයුරින් Google වෙත ප්‍රවිශ්ට වීමට වඩා Google.com
ගසා
Google යෑම පහසුය. එහිදී Google යන්න
74.125.24.101 බවට අපගේ Web Browser එකට
පරිවර්තනය කර දෙන්නෙ මේ කියන DNS සේවාවය. සරලවම මතක තබා ගැනීමට පහසු නාමයන් (උදා:-Google.com
) මතක තබා ගැනීමට අසීරු අන්තර්ජාල IP ලිපිනයන් (74.125.24.101 ) බවට පරිවර්තනය කර දෙන්නේ මෙකී DNS
සේවාව ය.
අප කිසියම් නමකට අදාලව දුරකථන අංකයක් සොයාගැනීමට දුරකථන නාමවලිය
බලනවා සේ DNS සේවාව ලබා දෙන Servers
එනම් DNS
Servers සතුව ද විශාල දත්ත ගබඩාවක් (Data Base එකක්)
ඇත. පරිඝනකයකින් යම් කිසි Domain Name එකක් සදහා IP ලිපිනය විමසූ විට එකී දත්ත
මත පදනම් වී අදාළ IP ලිපිනය ලබා දීම DNS
Servers මගින් සිදු කෙරේ.

Comments
Post a Comment