Windows Auto Update වෙලා GB ගණන් Data නාස්ති වෙන එක කොහොමද නවත්තන්නේ?






Windows Auto Update වෙන එක ගොඩක් අයට ප්‍රශ්නයක්.. මොකද ඒක නිසා තමන්ගේ මාසේ Data Package එක ඉවර වෙන නිසා. ඒක විසදගන්න ගොඩක් අය කරන්නේ එක්කෝ Host Process Block කරනව. නැත්තන් Update Service නවත්තනව.හැබයි මේකෙන් වෙන්නේ ප්‍රශ්න තවත් වැඩි වෙන එක. මොකද ඔය Update වලින් කරන්නෙ ගොඩක් වෙලාවට මෙහෙයුම් පද්ධතියේ තියෙන Security vulnerabilities fixකරන එක. bugs fix නැත්තන් කරන එක. ඉතින් ඒව හරියට fix උනේ නැති උනහම විවිධ ප්‍රශ්න එනව.

1.
සියලුම Virus Clean වීම සදහා Machine එක format කරන්න.
2. Windows 10 Pro 1909 Original ISO file එක Windows site එකෙන් Download කරගෙන install කරගන්න.
3. Ebay එකෙන් OEM Key එකක් අරන් activate කරගන්න.රුපියල් 250 ක් යයි.
4. Office උනත් බලල office 365,2013 key එකක් අරන් දාන්න.crack දාන්න එපා..
5. Genuine Virus Guard එකක් දාන්න.
6. Night time data වලින් ඔක්කොම full update කරන්න. උපරිම 3gb යයි.Windows Update වලට. Automatic Update on කරන්න.

Genuine විදියට පාවිච්චි කරන්න.කිසිම අව්ලක් වෙන්නේ නෑ.. machine සිය ගානක් format කරල genuine windows ගහල අත්දැකිමෙන් කියන්නේ..

**** ඕකේ ඔය update off කරල host process block කරල නාඩගම් නැටුවම os එක windows os force update කරනව. හරියට process service run වෙන්නැතුවම kmspico වලින් key විකාර කෙරුවම update එක fail වෙනව..එතකොට ආයෙ download වෙනව..ආයෙත් fail වෙනව..

Genuine windows use කරන්න.හැමදාම update කරන්න.. ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

Crack ගහන්න ඕනෙම නම්..

Vmware workstation pro බාන්න. Crack කරන්න එපා. Serial key net එකෙ තියෙනව.අරන් activate කරගන්න. Windows 10 os එකක් vm එකක ගහන්න.

ඒකට ඕනෙ crack දාල use කරන්න.. vm එකේ RDP ඔන් කරල host එකෙන් rdp කරල කිසි වෙනසක් නැතිව use කරන්න vm එක.. powerfull vm එකක් run කරගන්න්නන host එකේ performance තිබිය යුතුයි.








Comments